Gossips

ඉන්දීය ආරක්ෂක ලේකම් සහ ජනපති අතර හමුවක්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක්‍රමණික ජාවාරම මැඩලීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, නව සහයෝගීතා වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
ඒ, දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අද ඇති වූ සාකච්ඡාවේදීයි.
කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමේදී පුළුල් අවබෝධයකින් කටයුතු කිරීමට එහිදී එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා සඳහා ඉන්දීය රජය ලබාදෙන පුහුණු අවස්ථා පිළිබදව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.