Gossips

අගමැති මෝදි මැතිවරණ ප්‍රකාශය එළිදක්වයි

ලබන බ්‍රහස්පතින්දා ඇරඹෙන ඉන්දීය මහමැතිවරණය වෙනුවෙන් පාලක භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්‍රකාශය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද එළිදක්වනු ලැබුවා.
එහි තේමාව වී ඇත්තේ අභ්‍යන්තර සහ බාහිර ආක්‍රමණිකයන්ට එරෙහිව ඉන්දියාව එක් මඟක් ඔස්සේ ඉදිරියට රැගෙන යාමයි.
ජම්මු – කාශ්මීරයේ තත්ත්වය ස්ථාවර කිරීමටත් ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීමටත් අගමැති මෝදිගේ මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රතිඥා ලබාදී තිබෙනවා.
අඩු ආදායම්ලාභීන් සියල්ලන්ට මසකට රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි ද පොරොන්දු වී තිබුණා. බ්‍
රහස්පතින්දා සිට මාසයක කාලයක් පැවැත්වෙන ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය වන ඉන්දීය මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූ සංඛ්‍යාව මිලියන 900කට අධිකයි.