Gossips

උතුරුමැද ජල ගැටලූව මේ වසරේදී නිමාවට

මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලුව නිමා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක් අමතමින්.
එහිදී විහාරාධිපති පූජ්‍ය දේවගොඩ ධම්මානන්ද හිමියන් ප්‍රදේශයේ ජල ප්‍රශ්නය පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ පසුගියදා පරාක්‍රම සමුද්‍රයේ ජලය අපතේ යැවූ බවයි.
අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් කියා සිටියේ එලෙස පරාක්‍රම සමුද්‍රයේ ජලය අපතේ හැරීමක් සිදුනොවූ බවයි.
එලෙස සිදුකළේ නම් ඊට අදාළ ඉංජිනේරුවන්ට එරෙහිව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
වත්මන් රජය යටතේ වැව් 2400 ක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.