Gossips

විදුලි ඉංජිනේරුවන් කොළඹදී රැස්වේ

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ මහා සභා රැස්වීම කොළඹදී මේ වනවිට පැවැත්වෙනවා.
විදුලිබල මණ්ඩල ඉංජිනේරු සේවාව මුහුණදී ඇති ගැටළු සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සහ රට තුළ උද්ගතව ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණයි.
මෙම රැස්වීමට එක්වීම සඳහා දිවයින පුරා සිටින 900කට අධික විදුලි ඉංජිනේරුවන් පෞද්ගලික නිවාඩු දමා පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.
මෙම මහ සභා රැස්වීමට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය හදිසියේ ගත් ක්‍රියාමාර්ග නිසා සමස්ත ඉංජිනේරුවරුන්ගෙන් සියයට 50 කට පමණ වැටුප් ගැටළුවක් උද්ගත වී ඇති බවයි.
එමෙන්ම නව බලාගාර ඉදිකළ යුතු බවට විදුලි ඉංජිනේරුවන් කළ නිර්දේශ නොසළකා හැරීම හේතුවෙන් වත්මන් විදුලි අර්බුදය උද්ගතව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.