Gossips

මන්ත්‍රී බන්දුල අල්ලස් කොමිසමට

හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට පැමිණියා.
ඒ තමාට එරෙහිව එම කොමිසම හමුවේ ගොනුකර ඇති පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින්.
පසුගිය ආණ්ඩුව සමයේ ඉදිකරන ලද මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී මූල්‍ය වංචා සිදුව ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබුවා.
එම පැමිණිල්ලෙන් ඔවුන් සඳහන් කර ඇත්තේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීම හරහා වංචා දූෂණ සිදුකර ඇති බවටයි.