Gossips

මහවැව සහ ගිරාදුරුකෝට්ටේට හෙට හිරු මුදුන් වෙයි

මහවැව, අලලුව, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ සහ එල්ලෙගොඩ යන ප්‍රදේශවලට හෙට දිනයේ හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ උපරිම උෂ්ණත්වය වවුනියාව ප්‍රදේශයෙන් වාර්තා වුණා.
එය සෙල්සියස් අංශක 37.6 ක්. එමෙන්ම අවම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 10.1 වාර්තාවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්.
දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වය අනුරාධපුරය, යාපනය, මහඉලුප්පල්ලම සහ වවුනියාව යන ප්‍රදේශවලින් වාර්තාවූ අතර, එය එම ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 3 ක වැඩිවීමක්.