Gossips

අළු ගොඩක් වූ සුඛෝප‌භෝගී බස් රථය

දඹුල්ල – හබරන ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ අද (08) අලුයම සුඛෝප‌භෝගී බස් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.
මෙලෙස ගිනිගෙන විනාශ වී ඇත්තේ කුරුණෑගල සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.
බස් රථය කාර්මික දෝෂයකට ලක්ව එය පිළිසකර කරගෙන යමින් සිටින අවස්ථාවේ දී මෙම ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ රියදුරු පමණක් එහි සිට ඇති බව සඳහන්.