Gossips

තාක්ෂණයේ ඉදිරි පිම්මකට බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන් සූදානම්

ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයක වේගයකින් ගමන් කිරීමට හැකි යානා සඳහා භාවිත කෙරෙන බලවේග එන්ජිමක් නිපදවීමට බ්‍රිතාන්‍යය ඉංජිනේරුවන් පර්යේෂණ ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සේබර් නමින් හැඳින්වෙන මෙය තාක්ෂණයේ ඉදිරි පිම්මක් වනු ඇති බවයි.
අලුතින් නිපදවන බලවේග එන්ජිම, රොකට් සහ ජෙට් යානා ගමන් කිරීම සඳහා ගනු ලබන එකතුවක බලය හා සමානයි.
ඒ අනුව මෙම අධිවේගී තාක්ෂණික එන්ජිම සාර්ථක වුවහොත් යානාවලට පෘථිවිය වටා සුළු කාලයකින් ගමන් කිරීමට හැකිවනු ඇති.