Gossips

පළාත් හයකට පස්වරුවේ වැසි වැටෙද්දී, ප්‍රදේශ කිහිපයකට දහවල් 12.11ට හිරු මුදුන් වෙයි

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (08) සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුව එම වැසි තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බව දැනුම් දෙනවා.
අද (08) දහවල් 12.11ට ජාඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොල්ල, අම්බන්පෝරුව සහ කොටගොඩ යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතිනවා.