Gossips

ඇවිලී ගිය ගාල්ලේ කුණු කන්ද

ගාල්ල නගරයේ කැලි කසල බැහැර කරන ගාල්ල වැකුණුගොඩ කුණු කන්ද අද (07) පස්වරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.
දිනපතා ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශවල බැහැර කෙරෙන කැලි කසල එම ස්ථානයට ගෙනැවිත් දැමීම හේතුවෙන් එය මේ වන විට විශාල කුණු කන්දක් බවට පත්ව ඇති බවයි වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත් මේවන විට කුණු කන්ද හටගත්ත ගින්න ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය විසින් මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.