Gossips

ලාන්ස් කෝප්‍රල් සිදුකළ මාරාන්තික අනතුර CCTV කැමරාවේ සටහන් වූ හැටි

යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව
තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස් කෝප්‍රල්වරයා බීමතින් සිට ඇති බවයි.
කොට්ටාව – බොරැල්ල ප්‍රධාන මාර්ගයේ කලල්ගොඩ ප්‍රදේශයේදී අද පෙරවරු 6ට පමණ යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු පැදවූ මෝටර් රථයක් ත්‍රි රෝද
රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
මෝටර් රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් ප්‍රති විරුද්ධ දිශාව වන පන්නිපිටිය දෙසින් පැමිණි ත්‍රි රෝද රථයේ ගැටීමෙන්
අනතුරුව මෝටර් රථය විදුලි කනුවක ද ගැටී නතරව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ලාන්ස් කොප්‍රල්වරයා බීමතින් සිට ඇති බවයි.
අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ අතර, එහි පසුපස ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෝටර් රථය පැදවූ ලාන්ස් කෝප්‍රල්වරයා තංගලම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.