Gossips

මන්ත්‍රී බන්දුල, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමට සූදානම්

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අයවැය විවාදයේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
විපක්ෂ නායක කාර්යාලයේ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයෙකුට තර්ජනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර, අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ සුබ නැකතේදී මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට අදහස් කරන බවයි.
මේ අතර, මෙවර අයවැය ඒකාබද්ධ විපක්ෂය සහ නිදහස් පක්ෂය ඇතුළු සියළු දෙනා එක්ව පරාජය කරනු ඇති බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් පැවති බවත්, එහෙත් නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ජනතා පැතුම ප්‍රතික්ෂේප කළ බවත් පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක, රංගිරි දඹුලු රජමහාවිහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර ගම්බා පිරිවෙනෙහි අධ්‍යක්ෂ පූජ්‍ය අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියන් අද (07) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.