Gossips

මාලදිවයින් මහ මැතිවරණයෙන් නෂීඩ්ගේ පක්ෂයට තුනෙන් දෙකක්

ඊයේ පැවති මාලදිවයින් මහ මැතිවරණයෙන් මජ්ලිස් හෙවත් මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87 න් 67 ක්ම ජයග්‍රහණය කිරීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමත්වුණා.
ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හිමිවී ඇති අතර, එමඟින් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැළසෙනු ඇති.
හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ්ද අසුනක් ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, ජනාධිපති ඉබ්‍රාහිම් සෝලිද ඔහුට සුබපැතීමට එක්වුණා.
මාලදිවයින් ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සහ රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව ජනමාධ්‍ය අවධියෙන් සිටිය යුතු බවයි.
හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ මාලදිවයින් ප්‍රගතිශීලී පක්ෂයට මහ මැතිවරණයෙන් හිමිකරගැනීමට හැකිවූයේ ආසන හතරක් පමණයි.rnrn