Gossips

ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා දිවයිනට

ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා ද්විපාර්ශවික ආරක්ෂක සංවාදයට සහභාගිවීම සඳහා අද (07) දිවයිනට පැමිණෙනවා.
දින 2 ක් මෙරට රැඳී සිටින ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෙන්ම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද මුණගැසීමට නියමිතයි.
ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලයේදී ඔහු ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයකටම සහභාගිවන බව සඳහන්.
එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පොදුවේ මුහුණදෙන ආරක්ෂක අභියෝග පිළිබඳව අවධානය යොමුවනු ඇති.
ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහනුවර සහ අනුරාධපුරයේද සංචාරය කිරීමට නියමිතයි.