Gossips

යාපනයේ එළවළු දඹුල්ලේ මිල පහත දමයි

යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ ඉකුත් සතියට සාපේක්ෂව එළවළු මිල ගණන් සියයට 60 කින් පමණ පහත වැටී තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සඳහන් කළේ මේ දිනවල මාළු මිරිස්, වම්බටු, බීට්රූට්, වට්ටක්කා සහ රතු ළුෑණු විශාල වශයෙන් යාපනයෙන් ලැබෙන බවයි.
ඒ අනුව මාළු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 60 ත් 65 ත් අතර මිලකටත්, වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 30 ත් 35 ත් අතර මිලකටත් අලෙවි වන බව සඳහන්.
වට්ටක්කා කිලෝග්‍රෑමයක් රුපියල් 10 ත් 12 ත් අතර මිලකටත්, බීට්රූට් කිලෝග්‍රෑමයක් රුපියල් විස්සත් 25 ත් අතර මිලකට අලෙවිවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් එළවළු මිල ගණන් පහත වැටීමත් සමඟ යාපනයේ එළවළු ගොවීන් පෙන්වා දෙන්නේ තමන් දඹුල්ලට එළවළු තොග රැගෙන ඒමේදී දරණ ප්‍රවාහන වියදම හෝ ආවරණය නොවන බවයි.
ඒ හේතුවෙන් දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන ඒමේදී තමන් ගැටළු රැසකට මුහුණපා ඇති බවයි ගොවීන් පවසන්නේ.