Gossips

වසර පහකින් විශාලතම රයිනෝ අං තොගය හොංකොං රේගු අත්අඩංගුවට

දකුණු අප්‍රිකාවේ සිටින සහ මැලේසියාවේ සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ රයිනෝ අං කිලෝග්‍රෑම් 82.5 ක තොගයක් හොංකොං රේගු බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2.1 ඉක්මවන බව සඳහන්.
මේ වසර මුලදීද මෙලෙස රයිනෝ අං කිලෝග්‍රෑම් 40 ක් සහ ඇත්දළ දහසක් ඇතුලූ සත්ව කොටස් හොංකොං දිවයිනේ දී අත්අඩංගුවට ගැනුනා.
සාම්ප්‍රදායික ඖෂධ සඳහා යොදාගන්නා රයිනෝ අං, මෝර වරල්, කොටින්ගේ අස්ථි ඇතුලූ සත්ව කොටස් චීනය ඇතුලූ ආසියාකරයේ රටවල් වෙත බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස හොංකොං සැළකෙනවා.