Gossips

සේනා උවදුරෙන් පසු බඩඉරිඟු වගාව මැයි 01 වනදා සිට

යල කන්නය සඳහා මැයි මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ බඩ ඉරිඟු වගා කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ අනුර විජේතුංග ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ගුණාත්මක බවින් යුතු බීජ භාවිත කිරීමද වැදගත් බවයි.
එමෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයා හමුවී වගාව ආරම්භ කිරීමට පෙර උපදෙස් ලබාගන්නා ලෙසට ඔහු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.
පසුගිය වසරේ අගභාගයේ දිවයින පුරා බඩ ඉරිඟු වගාවට බලපෑ සේනා දළඹු උවදුර හේතුවෙන් හෙක්ටයාර 81,000 ක පමණ වගාවන් විනාශයට පත්වුණා.
ඒ සඳහා වන්දි ලබාදීම පසුගිය මාර්තු 10 වනදා සිට අක්කරයට රුපියල් 40,000 බැගින් වූ එම වන්දි අම්පාර, මොණරාගල ඇතුලූ දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන්ට ලබාදී තිබෙනවා.
සේනා දළඹු උවදුර මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමත්වූයේ එය අනෙකුත් වගාවන්ටද පැතිරීමේ අවදානමක් පවතිද්දියි.