Gossips

වෛද්‍ය – මහ ඇමති ගැටලූව නිම වුණත්, දෙමෝදර රෝහල විවෘත කිරීමේ ගැටලූවක්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් කණගාටුව පළ කරමින් ලිපියක් යොමුකර වාචිකව සමාව ගත් බවට ප්‍රකාශ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඌව පළාතේ දියත් කර තිබූ වැඩවර්ජනය අද පෙරවරුවේ අවසන් කළා.
කෙසේ වෙතත්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කියා සිටියේ තමා කණගාටුව පළ කරමින් ලිපියක් යොමුකළත් , කිසිවිටෙකත් වාචිකව සමාව ලබානොගත් බවයි.
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඌව පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් දින 3ක් තිස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
දෙමෝදර දිසා රෝහල මධ්‍යයෙන් මාර්ගයක් ඉදිකිරීමට පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කටයුතු කිරීමට තීරණය කිරීමත් සමග ඒ පිළිබදව ඔහු සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට බැන තර්ජනය කර ඇති අතර, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් සමාව ගන්නා තෙක් වර්ජනය වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ප්‍රකාශ කරමිනුයි ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණේ.
කෙසේ වෙතත්, අද උදෑසන වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණේ ඌව ප්‍රධාන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් නියෝජිතයන් අතර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර, ප්‍රධාන අමාත්‍යවරයාගේ සහායකයින් විසින් වෛද්‍යවරුන් රෝහලෙන් ඉවත් වීම වළක්වා ගැනීම සදහා ගොනුකර ඇති නඩුවක් හේතුවෙන් වසා දමා ඇති, දෙමෝදර රෝහල විවෘත කිරීමට නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ.
නමුත්, අදාළ නඩුව මෝසමක් මාර්ගයෙන් විසදා ගැනීමට අමාත්‍යවරයා එකග වූ බව ද වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටියා.
කෙසේ වෙතත්, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම කාරණය ද ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත්, තමා සමාව නොගත් බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දිගින් දිගටම ප්‍රකාශ කළ ද ඊයේ රාත්‍රියේ ප්‍රධාන අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් සමග පැවති සාකච්ඡාවේදී පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමාව ලබා ගන්නා හඬ පටයක් මේ වනවිට මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

rn