Gossips

මිරිජ්ජවිල තෙල් පිරිපහදුව ගැන ජවිපෙ නායකයාට සැකයක්

වත්මන් ආණ්ඩුව නීතිවිරෝධී ලෙස උපයාගත් ධනය මිරිජ්ජවිල තෙල් පිරිපහදුව වැනි ව්‍යාපෘති තුළින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන්නේද යන්න සැක සහිත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හාලිඇල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.