Gossips

ඇමති කිරිඇල්ල අද කියන දේ

දේශපාලකයින්ගේ ක්‍රියාකාරකම් ජනතාව විවේචනය කරනවිට දේශපාලකයින් එය ඉවසීමෙන් අසා සිටිය යුතු බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
කෙසේ වෙතත්, ගම්පොල නාවලපිටිය ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර අමාත්‍යවරයා භික්ෂුන් වහන්සේ නමකට දුරකථනය ඔස්සේ පරුෂ වචනයෙන් බැණවැදීම මේවන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
ගම්පොල නාවලපිටිය ප්‍රදේශයේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පසුගිය 3 වැනිදා ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවක් අතරතුරු භික්ෂුන් වහන්සේ නමක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ මෙම බැණවැදීම සිදුවුණා.
මේ අතර, නවීකරණය කරන ලද මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය විවෘත කිරීමේ උත්සවය සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා අද සහභාගී වු අතර, එම අවස්ථාවේ ව්‍යාපාරිකයින් පිරිසක් විරෝධතාවක නිරත වුණේ අදාළ ව්‍යාපෘතියේ අඩුපාඩු රැසක් පවතින බවට චෝදනා කරමින්.
පසුව පැවති උත්සවයේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙලෙස අදහස් පළ කළා.