Gossips

නුවරඑළියේ පැය 24 ක පාපැදි තරඟයක්

අඛන්ඩව පැය 24 ක් ක්‍රියාත්මක වන දෙස් විදෙස් තරඟකරුවන්ගෙන් සමන්විත පාපැදි තරඟයක් අද නුවරඑළිය – රදැල්ල මංසන්ධියෙන් ආරම්භ වුණා.
නානුඔය මංසන්ධිය දක්වා අඛන්ඩව ක්‍රියාත්මක මෙම පාපැදි තරඟය සදහා ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරඟකරුවන් 28 දෙනෙකු එක්ව සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
මෙම පාපැදි තරඟය හේතුවෙන් නුවරඑළිය, හැටන්, නුවරඑළිය – තලවකැලේ, සහ නුවරඑළිය – කොළඹ යන මාර්ගවල රථ වාහන ධාවනයට විටින් විට බාධා එල්ල වී ඇති බව සදහන්.

rn