Gossips

බ්ලූමැන්ඩල් කුණු කන්ද හදිසියේ ගිනි ගනී

බ්ලූමැන්ඩල් කුණු කන්දේ අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් මේ වනවිට එය නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
ඉඟුරුකඩේ හන්දිය, වරාය පාර ආසන්නයේ ඇති බ්ලූමැන්ඩල් කුණු කන්දේ මෙම ගිනි ගැනීම හට ගෙන ඇත්තේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බවට සැක පළ කරන බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.