Gossips

මෙගාබ්ලාස්ට් ප්‍රාසාංගික අත්දැකීමට සියල්ල සූදානම්

ශ්‍රී ලාංකේය ගුවන්විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම – “හිරු මෙගාබ්ලාස්ට්” අද රාත්‍රියේ ගාල්ල – කරන්දෙණිය, ටී.ඩී සමරවීර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්.
විශ්මිත ආලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ “ෆ්ලෑෂ් බැක්” සංගීත කණ්ඩායමයි.
ෂයින් ඇරෝස් නර්තන කණ්ඩායම හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් හැඩ කරනවා.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන ප්‍රසංගයට ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතයි.