Gossips

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු යලි රිමාන්ඩ්

කතරගම – කිරිවෙහෙර රාජමහාවිහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුණසේකර හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියට සම්බන්ධ 7 වන සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා හම්බන්තොට මහාධිකරණය ඇප ලබාදුන් අතර, එම ඇප කොන්දේසි මත ඔහු මුදා හරින ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනට සිදුකරන ලද පරීක්ෂණ අනුව ප්‍රහාරයේදී ගිනි අවිවලින් පිටවූ උණ්ඩ කොටස්වල සහ නාහිමියන්ගේ සිරුරෙන් වහනය වූ රුධිර සාම්පල වාර්තා එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී පොලීසියට නියෝග කළා.
කිරිවෙහෙර නාහිමියන් වෙඩි ප්‍රහාරයට ලක්වූයේ පසුගිය වසරේ ජූනි මස 12 වනදා රාත්‍රියේයි.