Gossips

මෙරට ධීවරයින් 11ක් ඉන්දියාව බේර ගනී

දකුණු ඉන්දියාවේ පුදුචෙරි සහ කුඞ්ඩලෝර් අතර මුහුදු තීරයට පාවී ආ අක්‍රිය වූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවක සිටි ධීවරයන් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් බේරා ගත් බව ඉන්දීය හින්දු පුවත්පත වාර්තා කළා.
මෙම ධීවරයන් පිරිස පසුගිය මාර්තු 27 වන දා ත්‍රිකුණාමලයෙන් මුහුදු ගොස් ඇති අතර, මුහුද මැද දී ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඉන්දීය වෙරළට ගසාගෙන ගොස් තිබෙනවා.
එය මුදා ගැනීම සඳහා තවත් ශ්‍රී ලාංකික බෝට්ටුවක් ඉන්දීය වෙරළ තීරයට ගොස් ඇති අතර, වෙරළාරක්ෂකයන් විසින් එය ආපසු හරවා එවා ඇති බව සඳහන්.
ධීවරයන් පැමිණි බෝට්ටුව ඉන්දියාවේ නාගපට්ටිනම් වෙරළ වෙත රැගෙන ගොස් ඇති බව හින්දු පුවත්පත වැඩිදුරටත් සදහන් කළා.