Gossips

ලෝක කුසලාන තරඟාවලිය ඔන්න මෙන්න තිබීයදී ඇෆ්ගන් ක්‍රිකට් නායකයා ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට මාසයක් පමණක් තිබියදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදුකර තිබෙනවා.
ඒ අනුව අස්ගාර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කෙරුණු අතර, ගුල්බඩීන් නයිබ් එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා නායකත්වයට පත් කරනු ලැබුවා.
ටෙස්ට් කණ්ඩායමේ නාකයත්වය රහමාට් ෂා ට හිමිව ඇති අතර විස්සයි විස්ස ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ රෂිඞ් ඛාන්ටයි.
අස්ගාර් ඇෆ්ගන්, මොහොමඩ් නබි වෙතින් 2015 වසරේදී නායකත්වය හිමි කර ගත් අතර ඔහුගේ නායත්වය යටතේ ඇෆ්ගනිස්ථානයට අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය හිමිවීම විශේෂත්වයක්.
එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ද පසුගිය මාසයේ හිමි කර ගැනීමට හැකි වූයේ ද ඔහුගේ නායකත්වයෙන්.
31 හැවිරිදි අස්ගාර් ඇෆ්ගනිස්ථානයට එක්දින ජයග්‍රහණ 33ක් අත්කර දුන් අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 59කින් 37ක ජයග්‍රහණය ලබා ගැනීමට දායක වුණා.
ඔහු නායකත්වයෙන් ඉවත් කිරීම ඇෆ්ගනිස්ථානයෙන් බිහි වූ දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙකු වන මොහොමඩ් නබි සහ රෂිඞ් ඛාන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
ඔවුන් කියා සිටියේ ඇෆ්ගන් පාලක මණ්ඩලයේ එම පියවර වගකීමෙන් තොර පක්ෂග්‍රාහී තීරණයක් බවයි.