Gossips

දඹුල්ල කණ්ඩායම සමඟ අද තරඟයට නායකත්ව දී මාලිංග, අද පැවැත්වෙන IPL තරඟයට මුම්බායි පිල සමඟ එක්වෙයිද ?

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා.
ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම චෙන්නායි හිදී තරඟ වැදෙන අතර දෙවන තරඟය පැවැත්වෙන්නේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.
එම තරඟ පැවැත්වෙන්නේ හයිද්‍රාබාද් හිදියි.
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවන අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එහි සිව්වන ස්ථානයේ පසුවනවා.
මුම්බායි පිළ ප්‍රසාද ලකුණු සටහනේ හයවන ස්ථානයේ පසුවන අතර ඔවුන් සමඟ අද තරඟ බිමට එන හයිද්‍රාබාද් කණ්ඩායම එහි පෙරමුණ ගෙන සිටිනවා.
මේ අතර මුම්බායි පිළ ඊයේ හයිද්‍රාබාදය බලා පිටත්ව ගියේ අද තරඟයට සහභාගී වීම සඳහායි.
ඒ සඳහා මුම්බායි පිළේ ප්‍රබලතම පන්දු යවන්නා වන ලසිත් මාලිංග එක් නොවූයේ ඔහු මෙරට පැවැත්වෙන අන්තර් පළාත් එක්දින තරඟාවලිය සහභාගීව සිටීම හේතුවෙන්.
මාලිංග නායකත්ව දරණ ගාලු කණ්ඩායම සහභාගී වන තරඟයක් මේ වනවිට දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ දඹුල්ල කණ්ඩායම සමඟයි.
කෙසේ වෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර අද රාත්‍රී 08ට ආරම්භ වන තරඟයට මාලිංග එක්වනවා ද යන්න පිළිබදව මේ වනවිටත් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.