Gossips

පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කිහිපයක්

පාර්ලිමේන්තු පිවිසුම් දොරටු දෙක ඇතුළු පාර්ලිමේන්තුවේ නවීකරණය කළ යුතු ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවධානය යොමු වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ නාවික හමුදාවේ සහය ඇතිව මෙම නවීකරණ කටයුතු සිදුකිරීමට නියමිත බවයි.
මාදිවෙල – මන්ත්‍රී නිවාසවල සිට පැමිණෙන පිං නියර පිවිසුම් දොරටුව සහ ජයන්තිපුර පිවිසුම මෙලෙස නවීකරණය කිරීමට නියමිතයි.
මෙම පිවිසුම් දොරටුවලට අමතරව පාර්ලිමේන්තුවේ සනීපාරක්ෂක පහසුකම් ද වැඩි දියුණු කිරීමට ද පියවර ගැනෙනු ඇති.
දැනටමත් එම ඇතැම් නවීකරණ කටයුතු නාවික හමුදාවේ සහයෙන් සිදුකෙරෙන බව ද සඳහන්.
වසර 35ක කාලයක් පුරා නිසි නඩත්තුවක් නොමැති ගොඩනැගිලි ද මෙලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.