Gossips

ඉරාන විප්ලවකාරී හමුදාව, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමරිකාව සැරසේ

1979 වසරේ ඉරාන – ඉස්ලාමීය විප්ලවය සමඟ බිහි වූ ඉස්ලාමීය විප්ලවකාරී හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ට්‍රම්ප් පරිපාලනය සැරසෙන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණ කළා.
ඉරානය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටින විප්ලවකාරී හමුදාවේ සාමාජිකයන් මෙලෙස ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීම තුළින් ඉරාන ආර්ථිකයට බලපෑමක් සිදුකිරීම ට්‍රම්ප් පරිපාලනයේ අරමුණයි.
ඉරානය, සිරියාවේ අසාද් පාලනයට සහ ලෙබනනයේ හිස්බුල්ලාවරුන්ට සහය වීම ඊශ්‍රායල හිතවාදී ජනපති ට්‍රම්ප් නුරුස්සන කරුණක්.
කෙසේ නමුත්, එම පියවර තුළින් ඇමරිකානු හමුදාවලට එල්ල වන අවදානම ඉහළ යා හැකි බව පෙන්ටගනය සහ සී.අයි.ඒ. සංවිධානය පවසා ඇති බව ද වාර්තා වනවා.