Gossips

යුද හමුදාවෙන් පොදු සමා කාලයක්

නිවාඩු නොමැතිව දීර්ඝ කාලීනව සේවයට වාර්තා නොකර සිටින හමුදා නිලධාරින් හා සෙසු නිලයන්ට නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත් වීම සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අප්‍රේල් 22 වනදා සිට මැයි 10 වනදා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු සදහන් කළේ.
ඒ අනුව, අංශ 4 ක් යටතේ ඔවුන් නීත්‍යානුකූළව සේවයෙන් ඉවත් කිරීමට නියමිතයි.