Gossips

ඖෂධ අධිකාරියේ සභාපති, සහ හිටපු සභාපති, ජනපති කොමිසමට

ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයාට සහ හිටපු සභාපතිවරයෙකුට 2015 – 2018 කාලයේ රාජ්‍ය ආයතනවල වංචා සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
ඒ, අඩු ප්‍රමිතියෙන් යුතු එන්නත් වැඩි මිලට මහරගම අපේක්ෂා රෝහලට ලබා ගැනීම සම්බන්ධයෙන් ඊයේ එම කොමිසම හමුවේ පැමිණිලි විභාග කිරීම ආරම්භ කළ අවස්ථාවේදීයි.
මෙම විභාගයේදී අදාළ ඖෂධ වර්ගය පිළිබදව විමර්ශනය කළ යුතු බවත්, වෙනත් ඖෂධ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ ප්‍රශ්න කිරීම මෙම විභාග කටයුතු වෙනතකට යොමු කිරීමක් බැවින් එසේ කිරීමෙන් වළකින ලෙසත්, සභාපති විනිසුරු උපාලි අබේරත්න එහිදී සියලූ පාර්ශවයන්ට අවවාද කර තිබෙනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් නැවත විභාග කටයුතු කල් තැබුණු අතර, එය එළඹෙන 9 වනදා සිදුකිරීමට නියමිතයි.
එමෙන්ම, එදිනට අධ්‍යාපන අමාත්‍යාංශයේ ටැබ් පරිගණක ලබා ගැනීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකෙරෙනු ඇති.
එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිශාන්ති ජයසිංහට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද ඊයේ දැනුම්දී තිබුණා.