Gossips

රසල් පන්දු 13කදී IPL පිටියේ පෙරළියක් කරයි, කෝලිගේ පිළ පරාජයේ මාවතට යළිත් ඇද දමමින් කොල්කටා පිළට ජය ගෙනෙයි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තමන් සහභාගී වූ 05 වන තරඟයක් පරාජය වන්නට විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට සිදුවුණා.
ඒ ඊයේ තරඟයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම තරඟය කඩුලු 05කින් ජය ගැනීමත් සමඟයි.
තුන් ඉරියව් ක්‍රීඩක ආන්ද්‍රෙ රසල්ගේ ප්‍රවේගකාරී පිතිකරණය තරඟයේ ජයග්‍රහණය නයිට් රයිඩර්ස් කණ්ඩයමේ මූලික සාධකය බවට පත් වුණා.
කොල්කටා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලු 3ක් දැවී ලකුණු 205ක් රැස් කර ගත් අතර, එහිදී විරාට් කෝලි පන්දු 49කදී ලකුණු 84ක් ද, ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 32කදී ලකුණු 63ක් ද රැස් කළා.
පිළිතුරු වශයෙන් කොල්කටා පිළ පන්දු වාර 19යි එක් පන්දුවකදී කඩුලු 05ක් දැවී ලකුණු 206ක් රැස් කර ගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.
එහිදී ආන්ද්‍රෙ රසල් පන්දු 13කදී රැස්කළ ලකුණු 48ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 07ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් වුණා.