Gossips

මාලදිවයිනේ මහමැතිවරණය අදයි

පසුගිය වසරේ නොවැම්බර් 17 වන දා ඊබ්‍රාහිම් සොලි, ජනාධිපති ධුරයට පත් කරමින් මාලදිවයිනේ සිදුවූ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය අද නව අදියරකට එළඹෙනවා.
ඒ, එරට පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම හේතුවෙන්.
මාලදිවයින් පාර්ලිමේන්තුවේ ආසන 87ක් සඳහා අපේක්ෂකයන් 386 දෙනෙකු තරඟ වදින අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව දෙලක්ෂ 64,589ක්.
අද පැවැත්වෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඩ්ගේ නායකත්වයෙන් යුත් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමි කර ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සැණකෙලියක ස්වරූපයෙන් මාලේ අගනුවර ඊයේ පැවති අවසන් රැළිය සඳහා හිටපු ජනපති නෂීඩ් මෙන්ම වත්මන් ජනපති සොලි ද එක්වුණා.
විපක්ෂ සන්ධානය තරඟ වදින්නේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමින්ගේ නායකත්වයෙන්.