Gossips

ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මරුට

ප්‍රදේශ දෙකක දී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද අලූයම අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 38 කණුව ආසන්නයේදී මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි සේවකයින් දෙදෙනෙකු වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඔවුන් මාර්ගයේ රථ වාහන හැසිරවීමේ කටයුතුවල නිරත වෙමින් සිට ඇති බවයි.
මේ අතර, කුරුවිට – එරත්න මාර්ගයේ එක්නැලිගොඩ වලව්ව අසළ දී මාර්ගයේ ගස් අතු කපමින් සිටි විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් සේවකයෙකු සහ ඔහු සමඟ පැමිණි තවත් පුද්ගලයෙකු මෝටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.