Gossips

ඌව මහ ඇමතිට විරෝධය පා සෞඛ්‍ය අංශ වර්ජනයේ

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරියට බැණ තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් පළාතේ සියලු රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අද (05) තුන්වන දිනටත් වර්ජනයේ නිරත වුණා.
මේ අතර වසා දමා ඇති දෙමෝදර ප්‍රාදේශීය රෝහල යළි විවෘත කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් 16 දෙනෙකු පවරා ඇති නඩුවකට අදාලව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට බදුල්ල මහාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.