Gossips

වයික්කාලේදී මෝටර් රථයකින් ගිය පුද්ගලයෙකුට වෙඩි

හලාවත – කොළඹ මාර්ගයේ වයික්කාල මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාලකරු දංකොටුව – සිංගක්කුලිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය කියා සිටියේ මෙම පුද්ගලයා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිට යළි පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
වෙඩි වැදීමෙන් ඔහුගේ අතකට තුවාල සිදුවී තිබෙනවා.