Gossips

එළවලු මල්ලේ සැඟවූ දිවි හම් (ඡායාරූප)

රුපියල් ලක්ෂ දෙකක මුදලකට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ දිවි හම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ව හම් දෙකක් සහ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිව හම් බවට අනුමාන කෙරෙන එම හම් දෙක මල්ලක බහා ඒ මත එළවලු අසුරා එළවලු මල්ලක් ප්‍රවාහනය කරන මුවාවෙන් සැකකරුට අයත් ත්‍රිරෝද රථයකින් එය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් උපාය දූතයකු යොදවා ඉපලෝගම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගත් එක් සත්ව හමක් දිග අඩි හතර හමාරකට ආසන්න වන අතර අනෙක් හම අඩි පහක ප්‍රමාණයකින් යුක්ත වන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට පත් සැකකරුට එරෙහිව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව චෝදනා ගොනු කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඔහු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඡායාරූප – කැකිරාව, කුෂාන් ජයවර්ධන