Gossips

අම්පාර බස් රථයේ වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අත්අඩංගුවට

අම්පාර බස් රථයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්දව ඇහැළියගොඩ දී අත්අඩංගුවට ගත් මෝටර් රථය හා මෝටර් රථය පදවාගෙන ආ සැකකරු හඳුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරිමට මාර්තු මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න (01) නියෝග කළා.
තංගල්ල මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයකට සහභාගී වී යළි සියඹලාණ්ඩුව නිවස බලා අම්පාර බස් රථයෙන් ගමන් කරමින් සිටි එස්.එච් චන්දන ප්‍රසන්න යන අය බස් රථය තුලදී වෙඩි තබා ඝාතනය සිදු කල පුද්ගයින් බස් රථයෙන් බැස මෝටර් රථයකින් පලා යෑමේ සිද්ධිය සම්බන්දව හම්බන්තොට මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලැබූ පරීක්ෂන මත මෝටර් රථය ඇහැළියගොඩ දී එහි රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් මොටර් රථය පදවාගෙන පැමිනී සැකකරුගෙන් පොලීසිය ප්‍රශ්න කිරිමේ දි මෙම මෝටර් රථය ඇඹිලිපිටියේ මඟුල් ගෙදරක යෑම සඳහා ඇහැළියගොඩ ප්‍රදේශයේ කුලියට වාහන දෙන කාන්තාවගෙන් මෙම පුද්ගලයා ගත් බවත් පසුව තවත් පුද්ගයින් තුන්දෙනෙකුට මෝටර් රථය ලබා දුන් බව සැකකරු පොලිසියට පවසා ඇතැයි පොලිසිය පවසනවා.
කඩුවෙල දෙවැනියා, කඩුවෙල මංජු, හා රන්න බිංදු යන අය එම නම් වලින් හඳුනන අය බවත් ඒ අය සම්බන්දව වැඩි විස්තර නොදන්නා බවත්, මෙම තුන්දෙනාට මෝටර් රථය ලබා දි තමා ඇහැළියගොඩ නතර වූ බව සැකකරු පොලිසියට පවසා ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඇහැළියගොඩ පොලිසියේ රාලහාමි කෙනෙක්ද මෙම මෝටර් රථය කුලියට ලාගැනීම සඳහා තමාට උදව් කර බවද සැකකරු පොලිසියට පවසා සිටියා.
පසුව මෝටර් රථයෙන් පැමිණි පිරිස් මෙම අපරාධය 26 දා සිදු කර මෝටර් රථයෙන් පලාගිය බවටත් එහි අංකය පොලිසියට ලැබීමෙන් පසු හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංහගේ උපදෙස් මත ඇහැළියගොඩදි මෝටර් රථය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථය තුල මෙම සැකකාර රියදුරු පමණක් සිටි බව පොලිසිය පවසන්නේ.