Gossips

වෙලේ සුදාගේ මරණ දඬුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි

ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත්, වෙලේ සුදා ට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදී ඇති මරණ දඬුවම නිවැරදි බව අද අභියාචනාධිකරණය ද තහවුරු කළා.
ඒ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔහු ගොනුකළ අභියාචන පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.
අභියාචනාධිකරණ විනිසුරුවන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි හමුවේයි මෙම පෙත්සම සලකා බැලූණේ.
2008 වර්ෂයේ ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 5ක ප්‍රමාණයක් සන්තකයේ තබා ජාවාරම් කිරීමේ චෝදනාවට 2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වනදා කොළඹ මහාධිකරණය සැකකරුට මරණ දඬුවම නියම කළා.