Gossips

හෙරොයින් සමඟ බටකැත්තර දී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පිලියන්දල – දම්පේ – කරදියාන මංසන්ධියේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිලියන්දල – බටකැත්තර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 710 ක් සහ ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරුවන් 24 හැවිරිදි සහ 28 හැවිරිදි පිලියන්දල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.