Gossips

කඩ කාමර නිසා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ගැටුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සැසි වාරයේදී අද උණුසුම් තත්ත්වයක් පැන නැගුණා.
ඒ, එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.
සභාව සතු නව වෙළද සංකීර්ණයක කඩ කාමර වෙන් කිරීමේදී, එම ස්ථානයේ මීට පෙර තාවකාලිකව වෙළදසැල් ඉදිකරගෙන සිටි පුද්ගලයින්ට සභාපතිවරයා ඒවා ලබා නොදීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුණා.
පසුව එහිදී ඇති වූ බහින්බස්වීම ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.