Gossips

ලොව ම එක්රැයකින් තම වසඟයට ගත් ප්‍රියා අධිකරණයට යයි

ලොව ම එක්රැයකින් තම වසඟයට ගත් මේ වනවිට ඉන්දීයාවේ වඩාත් කතාබහට ලක්වන චරිතය වන ප්‍රියා ප්‍රකාශ් වෙත මේ වනවිට යළි අවධානය යොමුව තිබෙනවා.
ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය හෙට (03) තිරගතවීමට නියමිතව තිබීම හේතුවෙන්.
මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකළා.
ඒ එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi නම් ගීතයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසිය විසින් ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.
එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.
ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.
ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූවා.
කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ලැබුණු ප්‍රසිද්ධිය මෙන්ම ඇයව අපහසුතාවයට පත්කරන සිදුවීම් ද පසුගිය කාලයේ සිදුවූවා.
මේ අතර මේ වනවිට අන්තර්ජාලයට Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරුප එක්වෙමින් පවතින අතර බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් බැහැරකර තිබෙනවා.
Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින් නරඹන්න.