Gossips

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා තවදුරටත් රිමාන්ඩ්

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 10 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කළුතර – එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර සමයං ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට තොරතුරු ලබාදුන් බවට සැකකාර ලලිත් කුමාරට චෝදනා එල්ල වන අතර, ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ පවත්වනවා.