Gossips

ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද වර්ජනයක්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන් අද පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
ඒ, නිළ ඇඳුම් දීමනාව ඉහළ දමන ලෙස සහ උසස්වීම් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
ජාතික රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.