Gossips

මෙරට මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් මැරූ ඉන්ධීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රා 3ක් සහ ධීවරයන් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පේදුරුතුඩුව – ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු තීරයේදී මොවුන් නාවික හමුදා අත්අඩංගුවට පත්වූ බවයි නාවික හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ.
ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් ධීවරයන් සහ ධීවර යාත්‍රා යාපනයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාවේ උත්තර කදවුර වෙත රැගෙන විත් ඇති අතර, වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඉදිරි නීතිමය පියවර සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂවරයා වෙත භාරදීමට නියමිත බව සඳහන්.