Gossips

කඩුවෙල රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකයි

කඩුවෙල මංසන්ධියේ පිහිටි රන් භාණ්ඩ අලෙවිසැලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි සිටි සේවකයින් බිය ගන්වා රන් ආභරණ බහා තිබූ පෙට්ටි කිහිපයක් කොල්ල කා පළාගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම රන් භාණ්ඩ අලෙවිසැලට ඇතුළු වූ සැකකරුවන් ගිනි අවියකින් අහසට වෙඩි තබා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
එම අවස්ථාවේ රන් භාණ්ඩ අලෙවිසැල තුළ සේවකයින් තුන් දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැහැ.
කොල්ලකන ලද රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ද මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.