Gossips

ආනමඩුවේ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය යයි

ආනමඩුව – ගල්ගමුව මාර්ගයේ වඩක්කරවැව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මිය ගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි අයෙකු වන අතර, අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.