Gossips

1929 ට අලූත් තාක්ෂණයක්

ළමා අපයෝජන පිළිබඳව පැමිණිලි භාර ගන්නා 1929 ළමා දුරකථන සේවය නවීන තාක්ෂණය භාවිතා කරමින් තවදුරටත් වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.
ඒ යටතේ දැනට පවතින දුරකථන පද්ධතිය තාක්ෂණික වශයෙන් ශක්තිමත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ.
ඊට අනුයුක්තව කටයුතු කරන නිලධාරින්ගේ ශක්‍යතාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර, එම නිලධාරින් සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පුහුණුවීම් ලබාදීමට ද අපේක්ෂිතයි.