Gossips

ට්‍රම්ප් ඇමරිකානු කොංග්‍රසයට පිටුපායි

සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් සන්ධානය විසින් යේමනයේ ක්‍රියාත්මක කරන ලේ වැගිරෙන යුද්ධයට සහය දීම ඉවත් කර ගන්නා බවට ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
ඒ සඳහා ඊයේ පැවති ඡුන්ද විමසීමේදී මහජන නියෝජිතයින් 247 දෙනෙකු යේමන යුද්ධයේ සහයෙන් ඇමරිකාව ඉවත් විය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළා.
ඊට එරෙහි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 175 දෙනෙකු පමණයි.
කෙසේ නමුත්, සෞදි අරාබියට ප්‍රබල සහයක් දක්වන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිෂේධ බලය යොදා කොංග්‍රස් මණ්ඩල යෝජනාව අක්‍රිය කිරීමට සූදානම් වන බව වොෂින්ටන වාර්තා සඳහන් කළා.
ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කොංග්‍රස් මණ්ඩලයේ පියවර සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් සමඟ ඇමරිකානු සබදතාවලට අහිතකර වන බවයි.
ඇමරිකානු ජනාධිපතිවරයා සතු යුද්ධය තීරණය කිරීමේ බලතලවලට එරෙහිව කොංග්‍රස් මණ්ඩලය මෙලෙස අවසන් වරට යෝජනාවක් සම්මත කළේ 1973 වසරේදියි.