Gossips

සිරියානු ගැටුම්වලින් තුර්කි සෙබලූන් 8 ක් මියයයි

උතුරුදිග සිරියාවේ ඇති වූ ගැටුම්වලදී තුර්කි සෙබලූන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුර්දි සටන්කාමීන් සමඟ ඇති වූ එම ගැටුම්වලදී තවත් සෙබලූන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
සිරියාවේ පවතින සිවිල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් තුන්ලක්ෂ 93,000 ක් ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.